විශේෂිත දෝෂ නිරාකරණය

එතිකල් හැකින් සිංහල පාඩම් 2.0

ඔබ වැඩසටහන ඉන්ස්ටෝල් කොට එය පළමුවරට ධාවනයේදී register key ලබා දීමෙන් සක‍්‍රීය කළ පසු පහත දැක්වෙන වින්ඩෝවට පිවිසෙයි නම් පහත දැක්වෙන පියවර අනුගමනය කරන්න. මෙම දෝෂය හටගනුයේ ඔබේ පරිගණකයේ මෙහෙයුම් පද්ධෂතියේ ඇති ෆයිල් කිහිපයක් යල් පැන ගොස් තිබීම නිසාය.

වැඩසටහන ධාවනය සඳහා අවශ්‍ය ඇඩොබි ෆ්ලැෂ් ප්ලේයරය 2020 දෙසැම්බර් 31 වන දිනෙන් පසුව ඇඩෝබි සමාගම විසින් අත් හරිනු ලැබ ඇත. ඉන්පසු 2021 ජනවාරි 12 වන දි ෆ්ලෑෂ් ප්ලයේයරය ස්වයංක‍්‍රීයව අක‍්‍රීය වීම DOL එහි ඇති Kill switch එකක් ක‍්‍රියාත්මක වීමෙන් සිදුවෙයි. එම නිසා මෙම දිනෙන් පසු මෙය භාවිතා කරන පරිගණක යෙදවුම් සඳහා ගැටලූවක් මතුවේ. ලෝකය පුරා විශාල ප‍්‍රමාණයක් අධ්‍යයන වැඩසටහන් සහ විශ්ව විද්‍යාලවල අධ්‍යයන මූලාශ‍්‍ර බොහොමයක් මෙය මත පදනම් වී ඇත. නමුත් මෙය නිරාකරණය කිරීමට මෘදුකාංග නිර්මාණ කරුවන් විසින් ක‍්‍රමවේදයක් හඳුන්වා දී ඇත.

පාඩම් නිසි ලෙස පෙන්වන්නේ නැතිද?

පියවර 1

මේ සඳහා patch එකක් භාවිතා කිරීමෙන් ෆ්ලෑෂ් ප්ලෝයරයේ ඇති Kill switch එක ක‍්‍රියාත්මක වන කාල මුද්‍රාව ඉවත් කළ හැකිය. මේ සඳහා Flash.Patcher.exe කුඩා වැඩසටහන භාවිතා කළ හැකිය. පහත දැක්වෙන ලිනක් එක මගින් මෙම වැඩසටහන සහ එහි මුලාශ‍්‍ර කේතය ඩවුන්ලෝඩ් කරගත හැකිය. එය C# මගින් ලියා ඇත.

මෙහි මූලාශ‍්‍ර කේතය අවශ්‍යනම් පහතින් ඩවුන්ලෝඩ් කරගත හැකිය.

පහත දැක්වෙන ලින්ක් එක මගින් සම්පුර්ණ resource ගොනුව ඩවුන්ලෝඩ කරත හැකිය. මෙහි Adobe Flash Player, Uninstaller, Patch යන කොටස් සියල්ලම අන්තර්ගත වේ.

පියවර 2

ඔබ ඩවුන්ලෝඩ් කරගත් ගොනුව extract කොට Flash.Patcher.exe ගොනුව විවෘත කරන්න. නැතිනම් resource.zip ගොනුව extract කොට එහි ඇති 03-Patch ෆෝල්ඩරයට පිවිස එහි ඇති Flash.Patcher.exe ගොනුව විවෘත කර ගන්න.

මෙම පියවරයන් අනුගමනය කිරීමට පෙර එතිකල් හැකින් වැඩසටහන වසා දැමිය යුතුය. එසේම පරිගණකයේ ඇති වෙබ් බ‍්‍රව්සර වැනි අනෙකුත් යෙදවුම් ද වසා තිබීම සුදුසුය.

ඉන්පසු ලැබෙන වින්ඩෝවේ පහල "!!! DEFUSE THE BOMB !!!" නැමැති button එක් ක්ලික් කරන්න. (රතු පැහැයෙන් පෙන්වා දී ඇත.)

පියවර 3

ඉන්පසු ලැබෙන Message box එක OK කරන්න. ඉන්පසු එම වින්ඩෝව වසා දමා එතිකල් හැකින් පාඩම් මාලාව නැවත විවෘත කරන්න.

ඉන්පසු එතිකල් හැකින් වැඩසටහන නැවත ධාවනය කරන්න.

විශේෂ

Adobe Flash Player එක ඉන්ස්ටෝල් කිරීමේ සිට patch කිරීම දක්වා සම්පූර්ණ උපදෙස් මාලාව සහිත PDF එක අවශ්‍යනම් පහතින් ඩවුන්ලෝඩ් කරගන්න.



Adobe Flash Player එකෙහි DOL දෝෂය නිරාකරණය කිරීම පිළිබඳව විදේශීය පරිගණක ක‍්‍රමලේඛ ශිල්පියෙකු සකස් කළ යූටියුබ් වීඩියෝවක් පහත දැක්වේ. ඉහත මග පෙන්වීම මෙය පදනම් කරගෙන සකස් කොට ඇත.