පයිතන් පරිගණක බස නිර්මාතෘ සමග පිළිසඳරක්

2021 ජනවාරි 22
guido-van-rossum
by ටී. රවිහාර

පයිතන් ලොකයේ පරිගණක භාෂා ශ්‍රේණිගත කිරීමෙන් ඉහළින්ම සිටින භාෂාවකි. එය බෙහෙවින් දියුණු නම්‍යශීලී භාෂාවක් වන අතර ලෝකයේ පවතින විශාල ඩිජිටල් උපාංග ගණනාවක මෙය භාවිතා කරයි. අන්තර්ජාල වෙබ් අඩවි සංවර්ධකයෙකුට මෙය බලසම්පන්න වෙබ් අඩවි නිමැවීමට දොර විවර කරයි. දත්ත විශේලේෂකයින්ට මෙය තමන්ගේ අභිමතය පරිදි විශ්ලේෂණ මෙවලම් තැනීමට දොර විවර කරයි. නවීන පරිගණක ක‍්‍රීඩා, දැවැන්ත විද්‍යාත්මක ගණනය කිරීම් සිදු කරන බහුකාර්ය වැඩසටහන්, රාස්බෙරි වැනි කුඩා පරිගණක වල මෙහෙයුම් පද්ධතිය, පරිගණක හැකර්වරුන්ට සිය අභිලාෂයන් ඉතා වේගයෙන් සිදු කර ගැනීම යනාදී විසල් පරාසයක පහසුකම් සලසන මෙය මෙය පරිගණක ක‍්‍රමලේඛ ශිල්පීන් අතර බෙහෙවින් සිත් ගන්නා සුලූ සගයෙකු බවට පත් වී ඇත.

ගුයිඩෝ වැන් රොසම් නැමැති නෙදර්ලන්ත ජාතික පරිගණක විද්‍යාඥයා විසින් මෙය ලෝකයට හඳුන්වා දෙන ලදි. ඔහු සමග ඔක්ස්ෆර්ඩ් සරසවියේ පැවැති සුහද සංවාදයේ වීඩියෝව ඔබට පහතින් නැරඹිය හැකිය.