The Code: ලිනක්ස් මෙහෙයුම් පද්ධතියේ කථාන්දරය

2021 ජනවාරි 22
The-Code-Story-Of-Linux
by ටී. රවිහාර

පරිගණක වැඩසටහන් සහ කෑම වට්ටෝරුවක් අතර සමානතාවයක් ඇතැයි මම සිතමි.

වැඩසටහනක් බොහෝ සෙයින්ම වට්ටෝරුවකට සමාන වේ. සෑම එකකම සිදුකළ යුතු පියවර ලැයිස්තුවක් අන්තර්ගතව ඇත.

ඒවා තුළ ඔබ යමක් සිදුකරන විට හෝ පසුපසට ගමන් කරන විට ඒවා ප‍්‍රකාශ කිරීම සඳහා ආවේණික නීති අන්තර්ගතව ඇත.

අවසානයේදී කිසියම් ප‍්‍රතිඵලයක් ලැබෙයි.

ඔබ කෑම පිසින්නේනම් ඔබේ යහලූවන් සමග බොහොවිට කෑම වට්ටෝරු හුවමාරු කරගනු ලබයි.

එසේම වට්ටොරු වෙනස් කිරීමද සිදු කරනු ලබයි.

ඔබ හෝ ඔබේ යහලූවන් අනුභව කිරීමට කැමති පරිදි ඔබ වෙනස්කම් සිදු කරනු ලබයි.

එසේම ඔබ විසින් වෙනස් කරනු ලැබූ වට්ටෝරුව යහලූවන්ට ලබා දීමටද හැකිය.

ඔබට කෑම වට්ටෝරු වෙනස් කළ නොහැකි ලෝකයක් පිළිබඳව පරිකල්පනය කරන්න -

කිසිවෙක් විසින් එය වෙනස් කළ නොහැකි ආකාරයට සකස් කළ හොත්.

පරිකල්පනය කරන්න ඔබ විසින් වට්ටෝරු හුවමාරු කරගන්නා විට ඔබව කොල්ලකරුවකු ලෙස හංවඩු ගසන ලබන ආකාරය-

-එමෙන්ම ඔබව වසර ගණනක් ඒ වෙනුවෙන් සිර ගත කරන්නට උත්සාහ කරනු ලබන ආකාරය.

මෙය නිවැරදිව පැහැදිලි කිරීමට මම ‘‘හැකර්වරු’’ යන වචනය භාවිතා කරමි -

ඔවුහු පරිගණක වැඩසටහන්කරණය යම් කිසි කලාත්මක ආකාරයට භාවිතා කරන්නන් වෙති.

එමෙන්ම හැකර් සංස්කෘතිය තුළ පිළිගැනීමට ලැබුණු හෝ කොටසක් බවට පත් වූ අය වෙති -

එමෙන්ම අන්තර්ජාලය, ලිනක්ස් (Linux) සහ ලෝක ව්‍යාප්ත ජාලය (WWW) නිර්මාණය කළ ඓතිහාසිකව වැඩසටහන්කරුවන්.

මම අනුමාන කරමි ඔබට හැකර් කෙනෙකු බවට පත් වන්නට සිදුවන බව වටහා ගැනීමට මේ විශේෂිත මානසික තත්ත්වය -

බාහිරට ආවරණය නොකරන ලද මෙහෙයුම් පද්ධතියක මූලාශ‍්‍ර කේතය පිළිබඳ අදහසට එරෙහිව සටන් කිරීමට.

විවෘත මූලාශ‍්‍ර ආකල්පය නිදහස් වෙළඳපොල සංකල්පය සමග සුමට විදියට පෑහුණේ නැත.

එමෙන්ම එය කතෘ හිමිකම් සහ බුද්ධිමය දේපල නැමැති සාම්ප‍්‍රදායික සංකල්පයන්ට තර්ජනයක් විය.

මයික්‍රොසොෆ්ට් වැනි සමාගම් ඔවුන්ගේ ව්‍යාපාර ආවෘත මුලාශ‍්‍ර කේත මගින් සිදු කරයි -

කේතය: ලිනක්ස් පිළිබඳ කථාන්දරය(The Code: Story of Linux documentary) නැමැති වාර්තා චිත‍්‍රපටය ලිනක්ස් සහ විවෘත මුලාශ‍්‍ර මෘදුකාංග සංවර්ධනය සඳහා දැවැන්ත දායකත්වයක් ලබා දුන් මිනිසුන් පිළිබඳව සිදු කළ විශ්ලේෂණාත්මක සිනමා දැක්මකි. එය නිදහස් සහ විවෘත මුලාශ‍්‍ර පරිගණක වැඩසටහන් නිර්මාණයේ නියුතු ප‍්‍රවාදගත ක‍්‍රමලේඛ ශිල්පීන් පිළිබඳව සහ ඔවුන්ගේ කාර්යභාරය පිළිබඳව මෙන්ම එය ලෝකය පුරා අතිමහත් ජනතාවක් වෙත ධනාත්මකව බල පැවැත්වූ ආකාරය පිළිබඳව චමත්කාරජනක කතාවක් එළිදරවු කරයි.

මෙය 2001 වසරේදී ඩෙන්මාර්කයේදී සකසන ලද්දක් වන අතර IMDB දර්ශකයේ 7.5 ක අගයක් ලබා ගෙන ඇත. මෙම වාර්තා චිත‍්‍රපටය මිනිත්තු 58ක විකාශන කාලයකින් යුක්ත වේ. ඔබට එය පහත දැක්වෙන වීඩියෝ ධාවකය මගින් නැරඹිය හැකිය.