ගූගල් වලින් ප‍්‍රවේශම් වෙන්න

2021 ජනවාරි 22
filter-bubble
by ටී. රවිහාර

වර්තමානය වන විට වෙබ් සමාගම් විසින් පාරිභෝගිකයින්ගේ පුද්ගලික අභිරුචිකම් අනුව සිය සේවාවන් සැපයීමට බලවත් තරඟයක නියැලෙයි. එමගින් නිවැරදිව තමන්ගේ පාරිභෝගිකයින් යම් නිශ්චිත නිෂ්පාදනයක් අලෙවි කර ගැනීමට ඉලක්ක කර ගත හැකිය. මේ සඳහා සෙවුම් යන්ත‍්‍ර විශේෂයෙන්ම ගූගල් සිය පරිශීලකයින්ගේ පෞද්ගලිකත්වය ඉලක්ක කරමින් වෙළඳ දැන්වීම් ප‍්‍රදර්ශනය කරනු ලැබේ. එසේම පරිශීලකයින්ගේ පුද්ගලික දත්ත තෙවන පාර්ශවීය කණ්ඩායම්වලට අලෙවි කරන ලදැයි මෙම සමාගම් වලට වරින් වර චෝදනා එල්ල වී තිබේ.

අන්තර්ජාලයට ප‍්‍රවේශ වන පරිශිලකයින් "filter bubble" ලෙස හැඳින්වෙන සයිබර් උගුලට ඇද වැටෙන අතර ඔවුන් නොදැනුවත්වම ඔවුන්ගේ පුද්ගලිකත්වය සමාගම්වල වෙන්දේසි වීම සිදුවේ. මෙම "filter bubble" යන යෙදුම එලී පැරිසර් (Eli Pariser) විසින් වත්මන් වදන් කෝෂයට හඳුන්වා දෙනු ලැබිණි.

ටීඊඞී (TED) රූපවාහිනි වැඩසටහනට සහභාගි වෙමින් ඔහු මේ පිළබඳව සිදු කරනු ලැබූ අනාවරණය පහත විඩියෝ පටය මගින් නැරඹිය හැකිය.