ගැරී මැකිනන්: ඇමෙරිකන් හමුදාව සන්ත‍්‍රාසයට පත් කළ පරිගණක හැකර්වරයා

2021 ජනවාරි 22
gary_mckinnon
by ටී. රවිහාර

ගැරී මැකිනන් යනු මෙතෙක් බිහිවූ හැකර්වරුන් අතරින් දැවැන්තම මිලිටරි හැකින් ප‍්‍රහාරය එල්ල කළ හැකර්වරයා වේ. මේ ගීතය ඔහුට නීතියෙන් සාධාරණයක් ලබා ගැනීම සඳහා ප‍්‍රචාරක දිරිමත් කිරීමක් ලෙස ජනතාව උත්තේජනය කිරීමට නැවත පටිගත කරන ලදි. මෙහි විඩියෝ පටයට මැකිනන්ද ගායනයෙන් දායක වූහ. ඔහු ලෝකයේ බලවත්ම අධිරාජ්‍යයේ වඩාත් තීරණාත්මක පරිගණක ජාලය මාස 13ක් තිස්සේ හැක් කරමින් ඒවායේ දත්ත තමන්ගේ පරිගණකයට පිටපත් කර ගත්තේ යැයි චෝදනා ලැබූහ. තවද එක්සත් ජනපද හමුදා වෙබ් අඩවියේම ඇමරිකන් විරෝධී පණිවුඩ සහිත පෝස්ට් පළ කිරීමට ද ඔහුට චෝදනා එල්ල විය.

වර්ෂ 2001 පෙබරවාරි සිට 2002 මාර්තු දක්වා මාස දහ තුනක් තිස්සේ එක්සත් ජනපද හමුදාවේ සහ නාසා හි පරිගණක 97ක් හැක් කිරීමට මැකිනන් චෝදනා ලැබීය. ඔහු

ලන්ඩන්හි සිය පෙම්වතියගේ නිවසේ සිට ‘සෝලේ’ යන අන්වර්ථ නාමයෙන් පෙනී සිටිමින් මේ ප‍්‍රහාරය දියත් කළහ.

එක්සත් ජනපද අධිකාරීන් පවස ආකාරයට ඔහු එක්සත් ජනපද හමුදාවට අයත් පරිගණකවල මෙහෙයුම් පද්ධතිවල වැදගත් ගොනු මකා දමමින් එක්සත් ජනපද හමුදාවේ වොෂිංටන් හමුදා දිස්ත‍්‍රික්කයේ ජාලයට අයත්ව තිබූ පරිගණක 2000ක් පැය 24ක් තිස්සේ අක‍්‍රීය කොට දමන ලදි. මැකිනන් හමුදා වෙබ් අඩවියේ සටහනක් ද තැබූහ: ‘‘නුඹලාගේ ආරක්ෂාව විකාරයකි’’ 2001 සැප්තැම්බර් 11 ප‍්‍රහාරයෙන් පසුව ඔහු අර්ල් නාවික අවි ගබඩා මධ්‍යස්ථානයේ ආයුධ ගැන තිබූ ලොග් සටහන් මකා දමමින්, එහි පරිගණක ජාලය අඩපණ කර දමමින් පරිගණක 3000ක් භාවිතා කළ නොහැකි ලෙස අක‍්‍රීය කර දමමින් එක්සත් ජනපද නාවික හමුදාවේ අත්ලන්තික් නෞකා බල ඇණියට අවි සහ පතරොම් සැපයීම නවත්වා දැමූහ. එම පරිගණකවල දත්ත ඔහු සිය පරිගණකයට කොපි කර ගන්නා ලදැයි ඔහුට චෝදනා එල්ල වී ඇත. එක්සත් ජනපද අධිකාරීන් පවසන ආකාරයට ඔහු විසින් සිදු කරන ලද හානිය පියවා ගන්නට ඩොලර් ලක්ෂ 7කට වඩා වැය වී ඇත.

ඔබේ සොහොයුරන් සිර කොට ඒ හඬ නිහඬ කළ බැවින්

ඒ දෑත් යදමින් බැඳ අසුන්වලට සිර කොට ඇති බැවින්

අප හා එක්ව ගයන්න, ඔබ එන්නෙහිද චිකාගෝ නුවරට

නිදහසේ දේශය යැයි පතළ බිමක යුක්තියක් විය හැකිද එය

ඔබේ අතදීමත් රැගෙන, ඔබ එන්නෙහිද චිකාගෝ නුවරට

වෙනස් කළ හැකිය ලෝකය අපට, නැවත සැකසිය හැකිය ලෝකය

එය කඩා වැටෙමින් තිබේ – වඩා හොඳ ලොවක් මැවීමට

දේශපාලකයිනි තොපි අසුන් ගෙන හිඳිනු, මෙහි තොපට කිසිවක් හිමි නැත

අප හා ගමනකට, ඔබ එන්නෙහිද චිකාගෝ නුවරට

ඔබට සවන් නොදෙන ජැක්ගෙන් නොයදිනු උපකාර

ඔබ එන්නෙහිද චිකාගෝ නුවරට, නැතිනම් සිටගන්නේද අනික් පසින්

වෙනස් කළ හැකිය ලෝකය අපට, නැවත සැකසිය හැකිය ලෝකය

එය කඩා වැටෙමින් තිබේ – ඔබ යුක්තිය අදහන්නේනම්

එය කඩා වැටෙමින් තිබේ – ඔබ නිදහස අදහන්නේම්

එය කඩා වැටෙමින් තිබේ – ඉඩ දෙන්න මිනිසෙකුට ජීවිතය විඳගන්න

එය කඩා වැටෙමින් තිබේ – කවරෙක්ට ඕනෑද පිළිගන්න නීති නියාමන

කෙලෙසින් හෝ මිනිසුන් නිදහස් විය යුතු, දනිමි එදවස උදාවෙන බව

චිකාගෝ නුවරට එන්නෙහිද ඔබ, දිදුළන මුහුණු පෙන්වන්නට

සමුදුරෙහි පතුලේ සිට චන්ද්‍රයාගේ කඳු ශිකර වලට

එන්නෙහිද ඔබ චිකාගෝ නුවරට, කිසිවෙකුට නොහැක ඔබේ තැන ගන්නට

වෙනස් කළ හැකිය ලෝකය අපට, නැවත සැකසිය හැකිය ලෝකය

එය කඩා වැටෙමින් තිබේ – ඔබ යුක්තිය අදහන්නේනම්

එය කඩා වැටෙමින් තිබේ – ඔබ නිදහස අදහන්නේම්

එය කඩා වැටෙමින් තිබේ – ඉඩ දෙන්න මිනිසෙකුට ජීවිතය විඳගන්න

එය කඩා වැටෙමින් තිබේ – කවරෙක්ට ඕනෑද පිළිගන්න නීති නියාමන

ගී පද රචනය: කේලින්ට් ගුඩ්මන්/ ජැක් එස්. කොන්රාඩ්

ගායනය: ඬේවිඩ් ගිල්මෝර්, ගැරී මැකිනන්, ක‍්‍රිසී හින්ඬේ, බොබ් ගෙල්ඩොෆ්